Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා ! – Rights.LK
පුවත්

ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා !

ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා !
  • PublishedJanuary 8, 2025

වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ සඳහන් කළාය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සඳහා රු 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා. මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා. මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිශ්ඨයන් වීම, ඊමේල් ගිණුම්ට තුන්වන පාර්ශවයක් ඇතුළු වීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි. එනිසා පෞද්ගලික තොරතුරු ලබානොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

උපුටා ගැනීම:
The Leader සිංහල පුවත් සේවය

සබැඳි පුවතක් :
The Leader – WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්‍රවේසමෙන්