Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
පාසල් විෂයට කෘතිම බුද්ධිය එකතු වෙයි – Rights.LK
පුවත්

පාසල් විෂයට කෘතිම බුද්ධිය එකතු වෙයි

පාසල් විෂයට කෘතිම බුද්ධිය එකතු වෙයි
  • PublishedMarch 5, 2024

 අට වැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන

අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එළැඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදා ගනිමින් ආරම්භ කරන බවත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (03) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.

එළැඹෙන වසරේ සිට එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බව අවධාරණය කරන ඇමැතිවරයා, ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරීත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බව සඳහන් කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බවත් ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද පියවර ගන්නා බවට අධ්‍යාපන ඇමැතිවරයා සහතික විය.

ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් අවධාරණය කළේය.

(චතුරංග මේදිස්)