පුවත්

කෘත්‍රිම බුද්ධිය නියාමනයට යුරෝපා සංගමයේ එකඟතාවයක්

කෘත්‍රිම බුද්ධිය නියාමනයට යුරෝපා සංගමයේ එකඟතාවයක්
  • PublishedDecember 13, 2023

කෘත්‍රිම බුද්ධිය භාවිතය නියාමනය කිරීම සඳහා නීති සකස් කිරීම පිළිබඳව යුරෝපා සංගමයේ නිලධාරීන් තාවකාලික ගිවිසුමකට එළඹ තිබේ.

ඒ, පැය 36ක සාකච්ඡාවලින් පසුවයි.

එම පිරිස විසින් ChatGPT සහ මුහුණු හඳුනාගැනීම වැනි පද්ධතිවල දී AI සම්බන්ධ නීති රීති සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව යුරෝපා පාර්ලිමේන්තුව එළඹෙන වසර මුලදී AI පනත් යෝජනා සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

නමුත් 2025 දක්වා මෙම කිසිදු නීති සම්පාදනයක් ක්‍රියාත්මක නොවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය ඇතුලු තවත් රටවල් කිහිපයක් මෙසේ මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.