Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
වෙනස් කම් පෑමට එරෙහිව යාපනයේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ පා ගමනක් – Rights.LK
පුවත්

වෙනස් කම් පෑමට එරෙහිව යාපනයේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ පා ගමනක්

වෙනස් කම් පෑමට එරෙහිව යාපනයේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ පා ගමනක්
  • PublishedNovember 21, 2023

සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙනස් කොට සැලකීම සිදු නොකරන ලෙස ඉල්ලමින් යාපනයේ දී පා ගමනක් සහ සාමකාමී විරෝධයක් දියත් කර තිබේ.

නොවැම්බර් 13 වැනිදා සිට 19 වැනිදා දක්වා යෙදී තිබු සංක්‍රාන්ති ලිංගික දැනුවත් කිරීමේ සතිය අරමුණු කරගනිමින් නොවැම්බර් 19 වැනි ඉරිදා යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන යාපනය නගරය වටා ගමන් කරමින් යලිත් බස් නැවතුම්පොළ දක්වා පැමිණි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.


පොදු ස්ථාන වලදී සංක්‍රාන්තිකයන්ට සිදු කරන හිරිහැර නවත්වන ලෙසත්, සංක්‍රාන්තිකයන්ගේ අයිතීන්ද මානව අයිතිවාසිකම් බවත් පෙන්වා දෙමින් දියත් කළ පා ගමනේදී ඔවුන් අවධාරණය කර ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයන් සිය පවුල තුලදීද පිලිගැනීමට ලක් විය යුතු බවයි.

මෙම පා ගමනට එක්ව සිටි සංක්‍රාන්ති ලිංගික රොසානි මාලිකා අවධාරණය කළේ තම ප්‍රජාවට රැකියාවන් සදහා ද නිසි අවස්ථාවක් හිමි නොවන බවයි. ඔවුන් නිරත වන රැකියාවන්වලට නිසි පිලි ගැනීමක්ද නොලැබෙන බවත් ඇය වැඩි දුරටත් සදහන් කළාය.

“අපේ අයිතිය මොකක්ද? ඊට වඩා ඔයාලා කල්පනා කරන්න ඕන. සංක්‍රාන්තික ලිංගිකයන්ට රැකියා අවස්ථා නෑ. රැකියා දෙන්නෙත් නැ. සමහර සංක්‍රාන්ති ලිංගිකයන් නර්තනය තමන්ගේ ජීවනෝපාය විදිහට තෝරාගෙන තියනවා. ඒ උනාට නටන එක පහත් වැඩක් කියලා කියන එක වැරදියි. එයාලත් සමාජයේ ජීවත් වෙන්න ඕන. කෑම කන්න ඕන. එයාලත් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඕන නේ. ඒ නිසා නටන එක වැරදි විදිහට පෙන්නන එක වැරදියි. සංක්‍රාන්ති ලිංගිකයන්ට බොහෝ ක්ෂේත්‍රවල දක්ෂතා තිබුනන් ඔවුන්ට එළියට එන්න මේ සමාජය ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් වැරදි ලෙස හැසිරෙනවා, වැරදි දේවල් කරනවා කියලා චෝදනා කරන එක හරි නැහැ.“

යාපනයේ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ජාලය මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *