විශේෂාංග

සමාජය තුල මානව හිමිකම් පිලිබඳව ධනාත්මක ආකල්පයක් ගොඩනැගීම.

සමාජය තුල මානව හිමිකම් පිලිබඳව ධනාත්මක ආකල්පයක් ගොඩනැගීම.
  • PublishedNovember 14, 2023

මේ කොරෝනා සමය එක් අතකින් අපිට අනපේක්ෂිත දිගු නිවාඩුවක්. යන්න එන්න තැනක් නැතිව කරන්න නිස්චිත වැඩක් නැතිව ඉන්න අපිට නැවත අපි පසුගිය අවුරුදු දහය පහලොව ඇතුලේ කරපු කියපු දේවල් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දීල තියනව.


මේ හුදකලා කාලය තුල මම පසුගිය කාලයේ එකට වැඩකරපු කිහිප දෙනකු එක්ක කථාබහ කලා. එයින් එක්කෙනෙක් තමයි බ්‍රීටෝ සහෝදරයා. සාකඡාව කොරෝනා වලින් පටන් ගත්තට අවසානයේ සුපුරුදු පරිදි අපේ මානව හිමිකම් වැඩ ගැන තමයි අවසානයේ කථා කරන්න පටන් ගත්තේ.

Brito Fernando


බ්‍රීටෝ සහෝදරයා අවුරුදු 30 කට වැඩි කාලයක් තිස්සේ අතුරු දහන් වූ පුද්ගලයන් පිලිබඳව තමයි වැඩ කලේ. ඒවායේ ප්‍රතිඵල නැතුවාම නෙවෙයි. අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට ලංකාව අත්සන් කිරීම, අතුරු දහන් කරවීම අපරාධ වරදක් බවට පත්කිරීම, අතුරුදහන් වූවන් පිලිබඳ කාර්්‍යාලය ආරම්භ කිරීම, අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ කොමිෂන් සභාව ආරම්භ කිරීම වගේ දේවල් අපිට දක්වන්න පුලුවන්. මේවා බෝහෝමයක් ආවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3/1 යෝජනාවට ප්‍රතිඵල විදිහට.

නමුත් බ්‍රීටෝ සහෝදරයාට බරපතල දුක් ගැනවිල්ලක් තිබුනා ඔහු කියාසිටියේ අවුරුදු 30 කට වැඩිය කාලයක් අතුරුදහන් වූවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව ලෙසට සංවිධානය වෙලා දකුනේ කටයුතු කරන අතරේ 2009 න් පසු උතුරේ අතුරුදහන් විම් සම්බන්ධයෙන් කටයුතුකරන අතර තුරේ දකුනේ සංවිධානය වෙලා සිටිය අතුරුදහන් වු පවුල් වල දෙමාපියන්ගේ ප්‍රතිචාරයෙන් ඔහු බරපතල ලෙස කලකිරිල සිටියා. ඔහු මට එක්තරා උදාහරනයක් දැක්වුවා දකුනේ ක්‍රියාකාරී පවුලක සාමාජිකයෙක් ඔහුට කිව්වාලු “බ්‍රීටෝ මහත්තය තමුන් යාපනේ කොටින්ගේ දෙමාපියන් සංවිධානය ඇතුලට ගෙනාවොත් මම මගේ පුතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වැඩකරන එක නවත්තනවා” කියල. අවසාන වශයෙන් ඔහු මට කිව්වේ අපි අවුරුදු ගානක් තිස්සේ වැඩකලාට අවසානයේ ජාතිවාදී අදහස තමයි ජයග්‍රහනය කරල තියෙන්නේ. අපි පරාදවෙලා අපිට බැරිවෙලා තියෙනවා අපගේ මතවාදය සමාජගත කරන්න.

මේක පසුගිය නිවාඩුකාලයේ පරිස්මින් කල්පනා කරපු කාරනයක්. ඇත්තටම මානව හිමිකම් ක්ෂේත්‍රයේ අපි අසමත් වෙලාද ? අපි පිලිගන්න ඕනි අපි සමස්ථයක් විදිහට දෘෂ්ඨිවාදී මතවාදයක් විදිහට මානව හිමිකම්, නීතියේ පාලනය සමාජ ගත කරන්න අසමත්වෙලා තියෙනවා කියන එක. මානව හිමිකම් වලට එරෙහි මතවාදයක් සමාජගත කරන්න ජාතිවාදී බලවේග සමත් වෙලා තියෙනවා. පොදු ජනතාව එය විශ්වාස කරනවා. හමුදාව උත්කර්ශයට නංවලා තියෙනවා. ඉතාමත් සීඝයෙන් සමාජය හමුදාකරනයට ලක්කරමින් තියෙනවා. කිසිවෙක් මෙයට දේශපාලනිකවත් සමාජිීයවත් විරුද්ද වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි?

ඉහතින් සඳහන් කල ප්‍රතිසංස්කරන ආවේ උත්තරාරෝපිතව. එම නිසාම ඒවා පිලිබඳව විරෝධාකල්පිතයක් බහුතර සිංහල ජනතාව තුල ගොඩ නගන්නට ජාතිවාදී බලවේගයට හැකියාවක් ලැබුනා. මෙම ප්‍රතිසංස්කරන රටට ජාතියට සහ ආගමට විරුද්ධ විජාතීය කුමන්ත්‍රනයක් විදිහට අර්ථ දක්වන්න පුලුවන්වෙලා තියෙනවා. බහුතර සිංහල ජනතාව එය උගත් නූගත් සමාජ පංති භේදයකින් තොරව මෙම තත්වය විශ්වාස කරනවා.

The Industrial Revolution | Khan Academy
Jean-Jacques Rousseau (1712-1778)

බටහිර රටවල කාර්මික විප්ලවයට (The Industrial Revolution) සමගාමීව අයිතිවාසිකම් පිලිබඳ චින්තතන ක්‍රියාවලියක් ඇතිවුනා. ආගමික චින්තනයට පරිබාහිරව මිනිසුන්ගේ අයිතිවාසිකම් පිලිබඳව දේශපාලන නිදහස පිලිබඳව දේශපාලන අයිතිවාසිකම් පිලිබඳව චින්තන විප්ලවයක් ඇතිවුනා. ජීන් ජැක් රූසෝ ජෙරම් බෙන්තම් වගේ නිදහස පිලිබඳව සහ අයිතිවාසිකම් පිලිබඳව අදහස් ප්‍රකාශ කරපු චින්තකයන් නිසා බටහිර චින්තන විප්ලවයක් ඇතිවුනා. මෙම වෙනසට කාර්මික විප්ලවයෙන් පසු වැඩවසම් වාදී සමාජය වෙනස් වෙලා කම්කරු පන්තියක් සහ ධනපති පන්තියක් ඇතිවීම ඉතාමත් බලපෑම් සහගත වුනා.

Jeremy Bentham

මේ අරගලය වැඩවසම් වාදී රාජාන්ඩුවට සහ දේශපාලන ක්‍රමයට එරෙහිව අවුරුදු ගනනාවක් තිස්සේ අවම වශයෙන් අවුරුදු 500 ක් තිස්සෙ ක්‍රියාත්මක වුනා. එම නිසා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සහ මානව හිමිකම් බටහිර සමාජයේ මේ වනවිට අයෛන්ද්‍රීය සංකල්පයක්. තවදුරටත් උත්තරාරෝපිත සංකල්පයක් නෙවෙයි. මෙම නිසා සමාජයේ සියලුම ආයතන වලට අයිතිවාසිකම් සහ සමාජ වගකීම් පිලිබඳ අදහසක් ඇතිවෙලා තියනව වගේම ඒ මත පදනම් වෙලා තමයි ක්‍රියා කරන්නේ. අවදියෙන් සිටින සංවිධානාත්මක පුරවැසියෙක් සහ අයිතිවාසිකම් පිලිබඳව ක්‍රියාකරන සිවිල් බලවේගයක් පවතින නිසා වගේම නිදහස් මාධ්‍යය ව්‍යාපාරයක් පවතින නිසා. බටහිර සමාජයේ මුදල් යොදවන පුද්ගලයාට පමනක් අදාල ව්‍යාපාරය හිතූමනාපයේ සමාජය තුල ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. රජයට උනත් තමන්ට හිතූමනාපයේ කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ දේශපාලන ක්‍රමය පවත්වාගෙන යාමට ඉවහල් වන ආයතන සමූහයක් ඒ සමාජයේ පවතිනවා උදාහරන ලෙස උසාවි පද්ධතිය, පරිපාල යාන්ත්‍රනය, පොලීසිය, හමුදාව, සෞඛ්‍යය පද්ධතිය, ජනමාධ්‍යය තමන්ගේ කටයුතු කරන්නේ ඒ සඳහා දිගුකාලයක් තිස්සේ සමාජය තුල වර්ධනය වුනු නීතීන් පද්ධතියකට යටත්ව වගේම සමාජ වගකීමක් සහිතවයි. එක් ආයතනයක් තමන්ගේ බලය ඉක්මවා කටයුතු කරනවානම් එයට වගකිවයුතු තවත් ආයතනයක් විසින් ඉදිරිපත්ව එය වැලැක්වීමට කටයුතු කරනවා. මේක තමයි සංවරන සහ තුලන ක්‍රමය කියන්නේ.

ලංකාවේ දේශපාලන ක්‍රමය ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් දේශපාලන නිදහස ලබාදෙන විට අපට ලබාදුන් ක්‍රමයක් වන අතර එය උත්තරාරෝපිත හඳුන්වා දීමක් ලෙස දැක්විය හැකිය. මෙයට හේතුව වන්නේ අදාල ක්‍රමවේදය හඳුන්වා දුන්නද එම ක්‍රමය පිටුපස හරයාත්මක සාරධර්ම සමාජය ශ්‍රී ලාංකික සමාජය වර්ධනය වී අප සමාජය තුලට කාවැදී නැති නිසා ක්‍රමය භාවිතා කිරීමේදී විකාර රෑපී තත්වයක් උද්ගත වන නිසාය. මෙම හේතුව නිසා මෙම සාරධර්ම කඩවූවාට ශ්‍රී ලාංකික සමාජයේ කිසිවකු කලබල නොවනව වගේම ඒ පිලිබඳව උනන්දුවක්ද දක්වන්නේ නෑ. ඒ වගේම මෙම දේශපාලන ක්‍රමය පවත්වාගෙන යාමට ඉවහල් වන බටහිර ආකෘථියේ ආයතන පද්ධතියක් නිර්මානය කරල තිබුනාට මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාග්ධනයට නැතිනම් දේශපාලන උවමනාවට එහෙමත් නැතිනම් තමන්ට උවමනා පරිදි. මේ ආයතන ක්‍රියාත්මක වීම සඳහා පදනම් වන මූලික නීතිපද්ධතියක් පැවතුනාට ඒවා ආරක්ෂා කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒවා කඩ වුනාට කවුරුවත් කලබල වෙන්නේත් නැහැ. මේ ආයතන අතර සංවරන සහ තුලන තත්වයක් පවතිනනෙත් නැහැ.

මොකද 1978 ව්‍යවස්ථාවෙන් පසු විධායකය සියල්ලට ඉහලින් පවතින නිසා මෙම ආයතන සියල්ල අත්තනෝමතික ආකාරයට පාලනය කරන්න විධායකයට පුලුවන්කම ලැබිල තියනවා. මෙම තත්වය අවුරුදු 40 ක් පමන භාවිතා වෙලා දැන් එය සාමාන්‍යය කරනය වෙලා. 19 වන ආන්ඩු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම තත්වය ආපසු හරවන්න උත්සාහ කලත් එය නොතකා හැරල තියෙනවා. මේ නොතකා හැරීම සමාජ සංස්ථාවන් විසින් නිහඬ තාවයෙන් යුක්තව පිලිගන්නවා. උදාහරනයක් විදිහට මේ කාලසීමාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරල තියෙන අවස්ථාවක කොරෝනා අර්බුදය පැමිනි අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කලහම ජනාධිපති වරයා ප්‍රසිද්ධියේ කියාසිටිනවා මම පාර්ලිමේන්තුව කැඳවන්න ලෑස්ති නෑ කියල. නමුත් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනව කියල.

මෙම තත්වයෙන් ගැලවෙන්න තිබුන අවස්ථාව තමයි ජාත්‍යයන්තර බලපෑම. නමුත් පසුගිය යුද්ධ සමයේ බරපතල විදිහට ජාතික වාදය සමාජගත කරල හමුදාව උත්කර්ශයට නංවලා තමයි යුද්ධය ජයග්‍රහනය කලේ. ඉන්පසුව පවතින පාලක පක්ෂයට එරෙහිවෙයියයි සිතන සියලුම ආයතන පාලනය කරන්න ජාතිකවාදී බලවේග භාවිතා කරපු ආකාරය අපිට දකින්න ලැබුනා. හෝමාගම උසාවියට ගිහිල්ල නඩුව විභාග කරන විනිසුරු වරයාට තර්ජනය කරල වරදකරු වූ බෞද්ධ භික්ෂුවට අභියාචනාධිකරනයෙන් සිරදඬුවම් නියම කලහම විධායකය මැදිහත් වෙලා සමාව ප්‍රධානය කරනව. මෙයින් පෙන්නුම් කරන්නේ තවදුරටත් මේ සමාජය තුල සංවරන සහ තුලන ක්‍රමය පවත්වාගෙන යන්න බැහැ කියල.


ඒ වගේම ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන භාවිතාකල මානව හිමිකම් සමාජ ගත කිරීමේ ක්‍රමවේදය පිලිබඳව නැවත සලකා බලන්න මෙය අවස්ථාවක්. මූලික වශයෙන් ලංකාවේ මානව හිමිකම් සංකල්පය පිලිබඳව සාකඡ්චා කලේ කොලඹ කේනද්‍ර ගත වුනු රාජ්‍යය නොවන සංවිධාන. මේවා එලීට් සංවිධාන විදිහට හඳුන්වන්න පුලුවන්. මේවා බොහෝමයක් විදේශීය අරමුදල් වලින් නඩත්තු වුනු සංවිධාන. ඒ වගේම මුලින්ම මේ සංවිධාන තමන්ගේ වපසරිය විදිහට ගත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. අතුරුදහන් කරවීම පොලීසිය සහ ආරක්ෂක අංශ සිදුකරන කෘර සහ අවමන් සහගත සැලකීම් සහ වධහිංසා මාධ්‍යය නිදහස දේශපාලන අයිතිවාසිකම් වගේ මාතෘකා තමයි මෙම කන්ඩායම් ප්‍රධාන මාතෘකා විදිහට ගත්තේ. ආර්ථික සමාජීය සංස්කෘථික අයිතිවාසිකම් පිලිබඳව වැඩි සැලකිල්ලක් දැක්වුයේ නැහැ. මෙම නිසා ග්‍රාමීය ප්‍රදේශවල කම්කරුවාගේ ගොවියාගේ සහ ධීවරයාගේ ගැටලු මානව හිමිකම් සංදර්භයකින් ගෙන එන්න අසමත් වුනා කියල කියන්න පුලුවන්.


ඒ වගේම මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සම්බන්ධයෙන් උපදෙස් දෙන ජාත්‍යයන්තර ආයතන රටට ජාතියට ආගමට විරුද්ධ විජාතිය ජාත්‍යයන්තර කුමන්ත්‍රන වල කොටස් කරුවන් සහ දේශීයව ක්‍රියාත්මක වන රාජ්‍යය නොවන සංවිධාන ඒවායේ බලල් අත් විදිහට මෙම ජාතිකවාදී ව්‍යාපාරය විසින් පාලක කණ්ඩායමේ අවශ්‍යයතාවයට අනුව සමාජ ගත කලා. උදාහරන විදිහට ශ්‍රී ලංකාවේ තත්වය පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ සාකඡ්චා කරන අවස්ථාවක විමල් වීරවංශ අමාත්‍යය වරයා එක්සත් ජාතීන්ගේ කාර්්‍යාලය ඉදිරිපිට උපවාසයක් පවා සිදුකලා. එය අවසන් කලේ ජනාධිපති වරයා පැමින තැඹිලි වතුර පොවලා. එය ඉතාමත් ප්‍රතිඵල දායක විදිහට සමාජ ගත වුනා විතරක් නෙවෙයි සමාජයේ දැනඋගත්කම දුප්පත් පොහොසත් භේදයකින් තොරව විශවාස කරන්නත් දෘෂ්ඨිවාදයක් විදිහට අනුගමනය කරන්නත් පටන් ගත්තා. මේ නිසා ජාතිකවාදී කන්ඩායම විසින් සමාජ ගත කරන සියලුම අදහස් සහ මතවාද විවාදයකින් තොරව පිලිගන්න බහුතර ජනතාව සුදානමෙන් සිටිනවා.

මේ තත්වය වෙනස්කරන්න දීර්ඝ කාලීන වැඩපිලිවෙලක් අවශ්‍යය වෙනවා. නමුත් බටහිර යුරෝපයේ මානව හිමිකම් වගේම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දියුනු වුනා වගේ ඒ පිලිබඳව අවරුදු 500 ක අරගලයක් කරන්න අපිට තවදුරටත් කාලයක් නැහැ. නමුත් යම් කාලයක් අරගෙන සමාජයේ පවතින මානව හිමිකම් වලට එරෙහිව ඇති දෘෂ්ඨිවාදීමය මතවාදය ආපසු හැරවීම කරන්න පුලුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම අයිතිවාසිකම් වල වැදගත්කම ගොවියාගේ ධීවරයාගේ කම්කරුවාගේ අයිතිවාසිකම් වගේ දේවල් නිරන්තරයෙන් සමාජ ගතකරල තහවුරුකිරීම තුලින් තමයි මෙය කල හැක්කේ.

ඒ වගේම ස්වාධීන අධිකරණ පද්ධතියක් ජනමාධ්‍යය පරිපාලන ව්‍යුහයක් පොලීසිය හමුදාව වැනි ආයතන සමාජ වගකීමක් සහිතව ක්‍රියාත්මක වීමේ වැදගත්කම සමාජ ගතකිරීම සිදුකල යුතුයි. මෙය ඉතාමත් සරලව රාජ්‍යය භාෂාවලින් සාමාන්‍යය ජනතාවට තේරෙන ආකාරයට සමාජ ගතකරන්න ඕනී. එහි ඇති මූලධර්මයන් සාමාන්‍යය සමාජයේ සිදුවන සිදුවීම් සමග අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයකින් ( Rights Based Approach ) විග්‍රහ කරල ජනතාවට තේරුම් ගන්නට හැකි ආකාරයට සමාජ ගතකරන්න ඕනි. මේ ආකාරයට යම්කිසි කාලයක් සිදුකරනකොට තමයි අපිට පුලුවන් කම ලැබෙන්නේ මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පිලිබඳව සමාජය තුල ධනාත්මක අදහසක් ගොඩනගන්න පුලුවන් වෙන්නේ.

මෙය සිදුකරන්න පුලුවන් වෙන්නේ සමාජගතවුනු මාධ්‍යය ව්‍යාපාරයකින්. දැනටමත් අපගේ මානව හිමිකම් සංවිධාන වලින් මුද්‍රනය කරන සඟරා තිබෙනවා. ඒවා තවදුරටත් සංවිධානාත්මකව මුද්‍රනය කරල ජනතා ආකර්ශනය කරන විදිහට සමාජගත කරන්න ඕනී. නමුත් සමාජ මාධ්‍යය ජාලා වල ආගමනයත් එක්ක මුද්‍රිත මාධ්‍යය කියවන පිරිස අඩු වෙලා තියෙන්නේ. ඒක අපිට දැක ගන්න පුලුවන් දිනපතා පත්තර අලෙවිය දිහා බැලුවහම. ලංකාවේ දිනපතා පත්තර අලෙවිය ගත්තහම පත්තර එකක්වත් අලවිය මත රඳා පැවැතිලා ලාභ උපයන ඒවා නෑ. ලාභ ලබන පත්තර ඔක්කොම වෙලඳ දැන්වීම් මත පදනම් වෙලා තමයි තමන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. මෙම නිසා පත්තරයක් හෝ සඟරාවක් තුලින් අපගේ මතවාද සමාජ ගතකරන්න තරමක් අපහසු කාර්යයක්.


මෙම නිසා සමාජ මාධ්‍යය ජාලයක් ස්ථාපිත කරන්න ඕනී මේ අයිතිවාසිකම් පිලිබඳව දැනුවත් කරන්න. බහුතර ජනතාවට තේරෙන විදිහට ඉතා සංක්ෂිප්ත වීඩියෝ නිර්මානය කරල මේ සමාජ මාධ්‍යය තුලට මුදා හරින්න ඕනි. මෙයට අපිට භාවිතා කරන්න පුලුවන් යූ ටියුබ් චැනල් එකක්, වට්ස් ඇප් ගෘප් එකක්, පේස් බූක් එකක්, අවසාන වශයෙන් හැකියාවක් තියෙනවානම් කේබල් රූපවාහිනී චැනල් එකක්. මේ සියල්ලේම විකාශනය කරන්න ඕනි වන්නේ දේශීය සිදුවීම් අයිතිවාසිකම් ප්‍රවේශයකින් විග්‍රහ කරල නිර්මානය කරන ලද වීඩියෝ. මානව හිමිකම් පිලිබඳව, ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිලිබඳව, ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්, මේ අයිතිවාසිකම් පිලිබඳව කඩවීමෙන් පසු ගතහැකි ක්‍රියාමාර්ග, ලංකාවේ අධිකරණ පද්ධතිය, ලංකා දේශපාලන ඉතිහාසයේ දේශපාලන සිදුවීම්, ගොවියාගේ කම්කරුවාගේ සහ ධීවරයාගේ අයිතිවාසිකම්, දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දු අයිතිවාසිකම් ප්‍රවේශයකින් ( Rights Based Approach ) විග්‍රහ කරල අපිට වීඩියෝ නිර්මානය කරන්න පුලුවන්. මෙම වීඩියෝ පෙර කිව්ව මාධ්‍යය ඔස්සේ සමාජ ගත කරන්න පුලුවන්.


මෙයට අමතරව මේවීඩියෝ ක්ලිප් යූ ටියුබ් එකෙන් බාගත කරන්න පහසු කම දුන්නහම අපිට බලා පොරොත්තු වෙන්න පුලුවන් ගුරුවරු විශ්ව විද්‍යාල ආචාර්යය වරු රාජ්‍යය නොවන සංවිධාන තම දැනුවත් කිරීමේ වැඩසටහන් වලට මේ වීඩියෝ දෘශ්‍යය ආධාරක විදිහට භාවිතා කරයි කියල.

උදාහරනයක් විදිහට දැනට සැටලයිට් රූපවාහිනී මගින් විකාශනය කරන සමහර රූපවාහීනී නාලිකා දක්වන්න පුලුවන්. Geo Net Discovery, Discovery Science, Wild net, වගේ රූපවාහිනී නාලිකා දක්වන්න පුලුවන්. මේවා සියල්ලම එක තේමාවක් අරභයා තමන්ගේ වැඩ සටහන් නිෂ්පාදනය කරන්නේ සහ විකාශනය කරන්නේ. නී. ඉහතින් දැක්වුව Geo Net Discovery, Wild net,වගේ නාලිකා සම්පූර්නයෙන් ස්වභාව ධර්මය සහ වන සතුන්ගේ චර්යාව පදනම් කරගෙන තමයි තමන්ගේ වැඩසටහන් නිර්මානය කරන්නේ. ෘසිජදඩැරහ ීජසැබජැල සම්පූර්නයෙන්ම පදනම් වන්නේ තාක්ෂනික නිර්මාන සහ ඒවායේ තාක්ෂනය වගේම ක්‍රියාකාරීත්වය පිලිබඳව. අපිත් මානව හිමිකම් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳව තේමාව යටතේ මේ වැඩසටහන් නිෂ්පාදනය කරන්න සහ විකාශනය කරන්න ඕනී.

අපි ගතකරන කාලය පිලිබඳව නැවත මේ වැඩේ කරන්න යනකොට සිතන්න ඕනි. 2009 යුද්ධය සඳහා රාජ්‍යයම සිංහල ස්වෝත්තමවාදී මතවාදයකට පෙල ගැස්සුවා. ඒ අනුව උතුරේ පැවති ජනවාර්ගික අර්බුදය යුධමය වශයෙන් ජයග්‍රනයක් දකුනේ සිංහල බහුතරය නියෝජනය කරන ආණ්ඩුව ජයග්‍රහනය කලා. ඒ අනුව සිංහල ජාතිකවාදය දකුනේ සමාජය තුල ගාමක බලවේගය බවට පත්වෙලා හමාරයි. සමාජයේ සියලු කොටස් වෘතීය වේදීන් සියල්ල මේ මහා ජාතිකවාදී රැල්ලට අසුවෙලා ඉවරයි. සිනමා නිර්මාන, කලා කෘථි, වෙලඳ දැන්වීම්, ගීත සියල්ල මේ මහා ජාතික වාදය උත්කර්ෂයට නංවන්න තමයි නිර්මානය වෙන්නේ. මේ ජාතිකවාදී රැල්ලෙන් අපගේ මානව හිමිකම් සංවිධාන වල වැඩකරන අය පවා බලපෑමට ලක්වෙලා තියෙන්නෙ. ස්ක්‍රිප්ට් ලියන අය, කැමරාව මෙහෙයවන අය, සංස්කරනය කරන අය, ඉදිරිපත් කිරීම කරන අය, අදාල වැඩසටහන පිලිබඳව පර්යේෂන පත්‍රිකාව ලියන අය පවා ජාතිවාදී ස්ථාවරයෙන් මිදුන මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් පිලිගන්න සහ ඒවා සමග එකඟවන අය වෙන්න ඕනී. මෙම නිසා අපි නිර්මාන කරන විට එයට යොදාගන්න අය ඉතාමත් ඉවසිල්ලෙන් තෝරා බේරාගෙන වැඩේට යොදාගත්තෙ නැතිනම් අපේ වැඩේ අසාර්ථක වෙන්න තියන ඉඩකඩ වැඩියි.

නීතීඥ සම්පත් පුෂ්පකුමාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *