Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
ඇත්තටම අපි නිදහස් ද ? – Rights.LK
විශේෂාංග

ඇත්තටම අපි නිදහස් ද ?

ඇත්තටම අපි නිදහස් ද ?
  • PublishedOctober 1, 2023

“අපි ජාතිවාදී නොවෙමු ,සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගමු. අපි අපේ සටනේදී ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරමු ,ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහය පලකරමු එලෙසම අපගේ විමුක්ති සටනටද සිංහල ජනයා සහය දිය යුතුය.

අනුන්ගේ නිදහස ගැන උනනදු නොවන තැනැත්තා තමන්ගේ නිදහසද වලලා ගනු ඇත. අපට අත් වූ ඉරණම සිංහල ජනයාටද අනාගතයේ අත්වනු ඇත.එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත ගුරුනගර් වද කඳවුර කුරුනෑගලට ගෙනියනු ඇත”
– සෙල්වරාජා යෝගෙන්ද්‍රන් හෙවත් කුට්ට්මනී

ඔහුව 1983 දී වැලිකඩ හිරකඳවුර ඇතුළෙ ඝාතනය කරනව තවත් සිරකරුවන් 52ක් එක්ක. කුට්ටුමනී කිව්ව දේ අවුරුදු 3ක් යන්න කළින් ඇත්ත වුණා.

උතුර ඊලම වෙනුවෙනුත්, දකුණ නිදහස වෙනුවෙනුත් අරගල කළා. දෙපැත්තටම ඒකට හේතු තිබුණ. ඒත් දෙපැත්තම ඇත්ත හේතු, ඇත්ත ගෞරවය බැලුවෙ නෑ. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන පාලකයො පාලකයො විදියටම ඉතුරු වුණා.

ඒත්.. සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම තරුණයො හැම පැත්තෙම නැති වුණා. හැම පැත්තෙම අම්මලට පුතාල දුවල අහිමි වුණා. පුතාල දුවලට අම්මල තාත්තල අහිමි වුණා. මැරුව, මැරුණ හැම ජීවිතයක්ම අපි අපි වගේම පණ ගැහුන, හුස්ම වැටුණ ජීවිත. ඒ හැමදේම, හැම ජීවිතයක්ම කේවල් කරල පාලකයො මාරුවෙන් මාරුවට බලයට පත් වුණා. කොහෙන් කොහොම කවුරු මැරුවත් අපි අපිට මොනවද ලැබිල තියෙන්නෙ අන්තිමට? අපිට මොනවයින්ද, කාගෙන්ද නිදහස ලැබුණෙ? ඇත්තටම අපි නිදහස් ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *