” මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ “
අසූතුනේ කළු ජූලියේදී පානදුර නගරයේ ද එම නිල බලතල ක්‍රියාත්මක වෙමින් පැවතිණි. සුප්‍රකට සිනමාකරුවෙක් වන ද්‍රවිඩ ජාතිකයෙකු වූ ‘කේ වෙන්කට්’ පානදුර නගරය තම මොටෝ රථයෙන් පසු කරමින් සිටියේය. “සිරිපතුල” චිත්‍රපටයේ නිමැවුම්කරු ඔහු ය. දේශප්‍රේමීන් විසින් ඔහුගේ මොටෝරථය නවත්වන ලදී. තමා චිත්‍රපට නිෂ්පාදක කේ.වෙන්කට් බවත් ‘සිරිපතුල’ සිනමාපටය තමාගේ බවත් ඔහු කියා සිටියේය. දේශප්‍රේමීන්ගෙන් සමාවක් නොලැබිණි. අවසානයේ ඔහු බැගෑපත්වෙමින් කියා සිටියේ තමා එම චිත්‍රපටයට ඇතුළත් කළ ගීයක් පිළිබඳවයි. ඒ ‘මොහිදීන් බෙග්’ ගායනා කරන මෙම ගීතයයි.” මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ “මේ කිසිවකට ඇහුම්කන් නොදුන් දේශප්‍රේමියෝ ‘කේ වෙන්කට්’ නම් කලාකරුවා මොටෝරථය තුළට දමා පණපිටින් ගිනි තැබූහ !
මෙම සටහන වීමංසා – මින්දද හී සරින් උපුටා ගැනුනි.
අපට අතීතය වෙනස් කළ නොහැකිය නමුත් අනාගතය ඇත්තේ අදය …ඉදිරියටය..