අද අපි ජීවත් වෙන්නේ මානව හිමිකම් අහිමි කළ සමාජයක – පුබුදු ජයගොඩ
ලෝක මානව හිමිකම් දිනය සමරන බව පැවසුව ද සත්‍ය වශයෙන් ම අද අපි ජීවත් වෙන්නේ මානව හිමිකම් අහිමි කළ සමාජයක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ “ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි: සියලු අතුරුදන් කිරීම්වලට යුක්තිය ඉටු කරනු!’’ යන මැයෙන් ඊයේ කොළඹ ජාතික පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණය අමතමිනි.
එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ…
“යවෙස්ලූ මිනිසා“ යළි තිරගත කෙරේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් – කුගන් සහෝදරවරු පැහැරගෙන ගිහින් අතුරුදන් කරලා දහතුන් වසරක් සැපිරෙන මොහොතක තමයි අපි අද මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ.
ලෝක මානව හිමිකම් දිනය සමරනව කියල කිව්වට
අද ඇත්තටම අපි ජීවත් වෙන්නේ මානව හිමිකම් අහිමි කළ සමාජයක.
අද අපි සංකේත විදිහට මුහුණු කිහිපයක් ගත්තත් දේශපාලන වශයෙන් අසාධාරණයට ලක් වුණු පීඩාවට ලක් වුණු දහස් ගණනක් අපිට සිහිපත් කරන්න පුලුවන්.
ලලිත් කුමාර් වීරරාජු, කුගන් මුරුගානන්දන්, දිලාන් ජමාල්ඩීන්, මොහොමඩ් හකීම් කියන්නේ සංකේත.
උතුරු නැගෙනහිර කොළඹ මේ හැමතැනම මේ විදිහේ අතුරුදන් කිරීම් ගණනාවක් වාර්තා වුණා.මේ අත්දැකීම් අපිට කියන්නේ මේ ජීවත්වෙන අපරාධකාරී රාජ්‍යයේ ස්වභාවය.
සමහරු පැහැරගෙන ගිහින් මරාදැමුවා. සමහරු අදටත් අතුරුදහන්,
කිසිදු චෝදනාවක් පවා නැතුව අවුරුදු විස්ස, තිහ සිරගත කරපු ජීවිත තිබුණා.
මේ නැවත වටයකින් තිරගත වෙන්නේ “යවෙස්ලූ මිනිසා” චිත්‍රපටය.
ඒ චිත්‍රපටයේ තියෙන්නේ කිසිදු චෝදනාවක් නැතුව බලකොටුවක වසර ගණනක් සිරගත කළ
මිනිසෙක් ගැන කතාවක්.
ඒ අතීතය තමයි නැවත වටයකින් මේ දර්ශනය වෙන්නේ.
මුඛ ආවරණ වෙනුවට වෙඩි උණ්ඩ
කොවිඩ් වසංගතය වෙලාවේ මහර බන්ධනාගාරය ඇතුළෙ රැඳවියන්ට වුණු දේ අපි දැක්කා. හමුදාව පොලීසිය සහ පාලකයෝ කියන හැමෝම එකතුවෙලා තමයි අහිංසක මිනිස්සුන්ට විරුද්ධව මේ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. මහර රැඳවියෝ ඉල්ලුවේ වසංගතය වෙලාවේ සමාජ දුරස්තභාවය සහ මුඛ ආවරණ පැලඳ සිටීමේ අයිතිය; එන්නත් ලබාගැනීමේ අයිතිය. ඒ අයිතිය වෙනුවට ඔවුන්ට හම්බවුණේ වෙඩි උණ්ඩ. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව මොකක් ද කරේ නඩුව ඉල්ලා අස්කරගත්තා. ඒ මහා අපරාධයට අදටත් යුක්තිය නෑ.
අතුරුදන් පිරිස 50,000 ඉක්මවලා
දෙදහස් දහයෙ මැක්සෙල් පරණගම කොමිෂමේ වාර්තාව කියන විදිහට දෙදහස් අට – දෙදහස් දොළහ අතර විසිපන් දහසක් අතුරුදන් වෙලා. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තාව කියන විදිහට දෙදහස් දහයෙ ඉඳන් මෑත කාලය වෙනකල් තිස් දෙදහසක් අතුරුදන් වෙලා. අපි මේ කතාකරමින් ඉන්නේ ඉතාම මෑත කාලයේ අතුරුදහන් කිරීම් ගැන. හැබැයි දශක ගණනාවක් තිස්සේ මේ අපරාධය දිගින් දිගටම වුණා. මේ අතුරුදහන් කිරීම් බහුතරයකට වගකියන්න ඕන මේ රාජ්‍යය.
මේ රාජ්‍ය සම්මත කළ මර්දන නීති
අදටත් ලංකාවේ නීතියට ඇතුළත් කරල නැති අයිති ගොඩක් තියනවා. අදටත් අපේ ව්‍යවස්ථාවේ ජීවත් වීමේ අයිතිය ගැන ලියවිලා නෑ. ඒ අයිතිය නීතියෙන් පිළිඅරගෙන නෑ. අතුරුදන් කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත ගේන වෙලාවේ අතුරුදන් නොවී සිටීමට මිනිස්සුන්ට අයිතියක් තියනවා. කිසිවෙක් අතුරුදන් කිරීම මනුෂ්‍යත්වයට එරෙහී අපරාධයක් කියන කාරණයවත් ලියවුණේ නෑ. හැබැයි මර්දන නීති නම් මේ රාජ්‍ය සම්මත කරගෙන ක්‍රියාත්මක කරනවා. ත්‍රස්තවාදය වැලක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත, කලාකරුවන් විශාල ප්‍රමාණයක් මර්දනය කරවන්න පාවිච්චි කරපු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත. මේවා කිසිදු බාදාවක් නැතුව ක්‍රියාත්මක වෙනවා.
ICCPR පනතෙන් තමයි කෙටිකතාවක් ලිව්වා කියලා ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගත්තේ. ගුවන් විදුලි නාට්‍යයක් කරපු මාලක දේවප්‍රියට නඩු පැවරුවේ මේ පනතෙන්. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා සම්මත කලාට ICCPR පනත පාවිච්චි වුණේ ම කලාකරුවන්ගේ දේශපාලන අයිතිය උල්ලංඝනය කරන්න.
ලලිත් – කුගන් නඩුව තීරණාත්මකයි
මේ රාජ්‍යය මිනිසුන් අතුරුදන් කරා;
ඒ අතුරුදන් කිරීම් වලට එරෙහිව හඬ නගපු අය අතුරුදන් කරා;
ඒ අතුරුදන් කිරීම්වලට එරෙහිව තිබුණු සාක්ෂි අතුරුදන් කරා.
අන්තිමට ඒ අතුරුදන් කිරීම්වලට එරෙහිව ගොණු කළ නඩු පවා අතුරුදන් කරා.එහෙම තත්වයක් ඇතුළෙ තමයි අදටත් අපි ලලිත් – කුගන් අතුරුදන් කිරීමට එරෙහිව
නඩුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ.
2011 – 12 – 10 වෙනිදා මේ දෙන්නා අතුරුදන් කරේ
ජාත්‍යන්තර මානවහිමිකම් දිනය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කරපු නිසා.
අදටත් මනුෂ්‍යත්වයට එරෙහී අපරාධ රැසකට වගකියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ
අධිකරණයක් ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීම සඳහා ඉතුරු වෙලා තියන එකම නඩුව
ලලිත් – කුගන් නඩුව.ඒක නිසා අපි හිතනවා ඒ නඩුව තීරණාත්මකයි.
ලලිත් – කුගන් දෙන්නට අමතරව තව පනස් දෙකකගේ නම් මේ නඩුවට ඇතුළත්.
ජාත්‍යන්තරයට ම පොදු තත්ත්වයක්
මේ රාජ්‍යය ඇත්තට ම ක්‍රියාත්මක වෙන්නේ අපරාධ අරහා. ඒ අපරාධ වහගෙන ඉන්නේ ව්‍යවස්ථා අධිකරණ නීතිය වගේ මායා ඉස්සරහට දාලා. වසර පනස් හතරක් ක්‍රියාත්මක වුණ සිරියාවේ ඒකාධිපති අසාද්ගේ පාලනය පසුගිය දවසෙ ජනතා අරගලයකින් අවසන් කරා. මාධ්‍ය වාර්තා අනුව කියන්නේ දෙදහස් දහය – දෙදහස් විසිහතර කාලය තුළ විතරක් අසාද් පාලනයට විරුද්ධව සටන් කළ ලක්ෂ හයක් ඝාතනය කරලා. මේක තමයි ජාත්‍යන්තර තත්ත්වය. මානවහිමිකම් ගැන අපිට බණ දේශනා කරන යුරෝපානු රටවල්වල තත්වයත් ඒක. එතකොට මේක ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රශ්නයක්.
ජ.වි.පෙ. ඇත්තටම අවංකව නම්…
අද ලංකාවේ බලයට පත්වෙලා ඉන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව. ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වය වන ජනතාවිමුක්ති පෙරමුණ ආරම්භක මොහොතේ ඉඳල ම සටන් කරේ මර්දනයට සහ මර්දන නීතියට එරෙහිව. දැන් ඔවුන්ට ඉතිහාසයේ පළමු වතාවට අවස්ථාවක් ඇවිල්ලා තියනවා අතුරුදන් කිරීම්, පැහැරගැනීම් සහ ඝාතනවලට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට දැන් අවස්ථාව තියනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ICCPR පනත නොදි මර්දන පනත් අහෝසි කරන්න. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලයක් ජනතාව මේ ආණ්ඩුවට දීලා තියනවා.
ජනතා විමුක්ති පෙරමුණ ඇත්තට ම අවංකව නම් එදා මේ මර්දනයට විරුද්ධව හඬ නැගුවේ දැන් මේ එළඹිලා තියෙන්නේ ඉතිහාසයේ ඔවුන්ට ලැබුණු තීරණාත්මකම නිමේශයට. නමුත් අවාසනාවකට වගේ තවමත් අපිට පේන්නේ නෑ ආණ්ඩුව එවැනි උවමනාවකින් කටයුතු කරනවා. ඡන්දෙට කලින් මේවා ගැන කතන්දර ගොඩක් NPP එක කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශනවල ගොඩක් දේවල් ලියලා තිබුණා. ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ මේ අපරාධ රැල්ලට එරෙහිව යුක්තිය බලාපොරොත්තුවෙන්. ඒක නිසා මේ ප්‍රශ්නය මගහැර යන්න තවදුරටත් ජාතික ජන බලවේග ආණ්ඩුවට හැකියාවක් නෑ.
(සටහන – ජයසිරි අලවත්ත)
The Leader – සිංහල වෙබ් අඩවිය