හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක්

මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලක හට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.

ශ්‍රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමාලි අරුණතිලක, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.

ඊට අමතරව ප්‍රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.

හිමාලි අරුණතිලක මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරනු ඇත.

The Leader – සිංහල වෙබ් අඩවිය

සබැඳි පුවත්:

හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක්.. – News 1st

Federal Court awards domestic worker another $117,000 after she was paid 90c per day by Sri Lankan diplomat – ABC News

Former Sri Lankan diplomat in Australia fined more than $100,000 for ‘entrapping’ domestic worker – DailyMirror

Exit mobile version