ජනතාව නිහඬව ඉන්නේ රජයට බය නිසා නෙමෙයි – මාර්තු 12 ව්‍යාපාරය
රජය විසින් බලාත්මක කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ‘ මාර්තු 12 ව්‍යාපාරය’ සිය විරෝධය පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දුන්නේ 2024 ජනවාරි 24 වැනි දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත නීති විරෝධී ලෙස සම්මත කිරීමට ගත් තීරණය ඔවුන් විසින් හෙළා දකින බවයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට දැඩි තර්ජනයක් බවද එම නිවේදනයේ සඳහන්.
වත්මන් රජය විසින් මෙම නීතිය සම්මත කිරීමේදී කිසිවෙකුටත් ඇහුම්කන් නොදෙන දැඩි ස්ථාවරයක් අනුගමනය කර ඇති අතර තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ මෙන්ම එළඹෙන මැතිවරණ සමයේදී ද විරුද්ධ මත නිහඬ කිරීමටත් සහ සිවිල් ක්‍රියාකාරිත්වය යටපත් කිරීමටත් මෙවැනි නිති යොදා ගැනීම රජයේ අභිලාසය වන බව ‘ මාර්තු 12 ව්‍යාපාරය’ තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, මෙම අවස්ථාව වන විට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙන්ම විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පහ ආදී ජන හිතවාදී නොවන නීති ගෙන එමින්, ජනතාව සහ විසම්මුතික බලවේග නිහඬ කරන්නට හා පීඩාවට පත් කරන්නට ආණ්ඩුව අඛණ්ඩ උත්සාහයක් ගනු ලබමින් සිටින බවද එම සංවිධානය පෙන්වා දෙනවා.
ඔවුන් තවදුරටත් අවධාරණය කර ඇත්තේ පුරවැසියන් මෙලෙස නිහඬ කිරීමට එරෙහිව උත්සාහය අනාගතයේදී විශාල විරෝධයක් එල්ල වීමට නියමිත බවයි.
ඒ අනුව, මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇති සංශෝධන සියල්ල මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බව සහතික කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්,
(උමන්දා කුලසිංහ – News19)