Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
ටින් එකට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණයට – Rights.LK

ටින් එකට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණයට

වයස අවුරුදු දහඅටට වැඩි සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීමට ලබා දී තිබෙන නියෝගයට එරෙහිව අධිකරණයට යාමට සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් තීරණය කර තිබේ.

මෙම පිරිස අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇත්තේ බදු අය කළ යුත්තේ වයස අනුව නොව ආදායම මත බවට වන දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියමය පාදක කර ගනිමිනි.

දේශීය ආදායම් පනත අනුව බදු අය කළ හැක්කේ වයස අනුව නොව ආදායම මත බව ආර්ථික අර්බුදය සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වෙලේබොඩ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ද සඳහන් කළේය. තමන් ඇතුළු පිරිස අධිකරණයට යාමට තීරණය කළේ එම ප්‍රකාශය මත බව සිවිල් සංවිධාන නියෝජිතයෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද වලේබොඩ මන්ත්‍රිවරයා කැඳවා කරුණු විමසා තිබූ අතර ඒ අනුව පනතට අවශ්‍ය සංශෝධන සකස් කරන ලෙස ජනාධිපතිවරයාද නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

කවුරුන් හෝ මේ සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහොත් අනිවාර්‌යෙන්ම ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මන්ත්‍රිවරයාද කීවේය. බදු අයකළ යුතු වන්නේ ආදායම මත අනුව වන නියමය වෙනස් කිරීමට දේශීය ආදායම් පනතින් ඇමැතිවරයාට බලය පවරා නොමැති බවත් එලෙස පැවරීමට නම් පනත සංශෝධනය කළ යුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

(නිලන්ත මදුරාවල – Aruna.lk)

Exit mobile version