Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බරයේ ! – Rights.LK

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බරයේ !

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව රුපියල් බිලියන 31ක

ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඒ අනුව මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට අදාළවයි.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2023 වසරේ අයවැය සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණ. 

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකක් සහ මාසයක් අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව සමන් ශ්‍රී රත්නායක පැවසිය.

ඒ අනුව ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙක හමාරක් ඉක්ම වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල තිබෙන බවත් ඒ අනුව ලබන වසරේ ඕනෑම කාලයක ජාතික මැතිවරණ පැවැත්වීමේ හැකියාව පවතින බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයට අනුව, 2024 වසරේ ජාතික මැතිවරණ පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව සමස්ත ඡන්දහිමියන් සංඛ්‍යාව 16,855,000ක් පමණ වන අතර ඉකුත් වසරේ (2022) ඡන්ද හිමියන් සංඛ්‍යාවට වඩා මේ වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහසකින් පමණ ඉහළ ගොස් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසිය.

Exit mobile version