Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් නැවත වතාවක් පටන් ගනී – Rights.LK

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් නැවත වතාවක් පටන් ගනී

යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් වඩාත් මෑත කාලයේ මතුවූ සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබේ.


පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබියදී සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු තාවකාලිකව නිමා කළ කොක්කුතොඩුවායි සුසානයේ කැනීම් මාස දෙකකට වැඩි කාලයකින් පසු නොවැම්බර් 20 වැනි සදුදා මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඊයේ දිනයේ කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ සුසාන භුමියේ ප්‍රමාණය තීරණය කිරීම රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කිරීමට නියමිත බවයි.

“මිනී වළ සුද්දකරලා පස් සහ පොලීතින් ඉවත් කරලා කැනීම් කටයුතු ආරම්භ කළා. අධිකරණ නියෝගයට අනුව, මිනී වලේ ප්‍රමාණය (පළල) තීරණය කිරීම සඳහා රේඩාර් උපකරණ භාවිතා කරලා මිනී වල පරීක්ෂා කිරීමට නියමිතයි. ඒක 23, 24 සහ 25 යන දිනවල සිදු කරනවා.”

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලය සමීපයෙන් අහම්බයෙන් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පොලීසිය ජුනි මස අගදී අධිකරණයේ ගොනු කළ නඩුව ඔක්තෝබර් 30 වැනිදා කැදවු අවස්ථාවේ කොක්කුතුඩුවායි සමුහ මිනි වළ සමීපයේ තවත් මිනිස් සිරුරු මිහිදන් කර ඇති ස්ථාන තිබේදැයි හදුනාගැනීම සදහා රේඩාර් උපකරණයක් යොදා ගැනීමට වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබුනි.

අද දිනයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් සමුහ සුසානය සමීපයේ සිදු කළ සාකච්ඡාවට එක්ව සිටි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් සමග සදහන් කළේ තවත් සති දෙකක පමණ කාලයක් කැනීම් කටයුතු සිදු කිරීම අවශ්‍ය මුදල් ඉතිරිව පවතින බව එහිදී අනාවරණය වු බවයි.

ඉදිරි කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මුදා හැරීම කටයුතු අද දිනයේ සිට ආරම්භ වීමට නියමිත බව මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනි.

සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු තාවකාලිකව නිමා කරමින්, සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කර තිබුනේ සිදු කළ කැනීම් වල දී හමුවු සාක්ෂි විශ්ලේෂණය සදහා කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන බවයි.

මුලතිව්, කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින නමයක් ගත වෙද්දී, පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි. ඒ අතර එල්.ටී.ටී.ඊ සාමාජිකාවන්ගේ බවට සැක කෙරෙන සාක්ෂි කිහිපයක් ද විය.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

Exit mobile version