Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
තරුණ නියෝජනය 25%ක් කරන පාර්ලිමේන්තු යෝජනාව සම්මතයි   – Rights.LK

තරුණ නියෝජනය 25%ක් කරන පාර්ලිමේන්තු යෝජනාව සම්මතයි  

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින්ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත.

මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා තාක්ෂණික සහය Institute of Politics ආයතනය වෙනුවෙන් නීතිඥ අකලංක හෙට්ටිආරච්චි  සහ සංජීව විමලගුණරත්න විසින් 2022 වසරේදී ලබා දී තිබුණ අතර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා පසුබිම සැකසීම සඳහා සත්‍ය ගවේෂී සංවිධානයද මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රී වරයාට සිය සහය ලබා දී තිබුණි.

පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරමින් තරුණ නියෝජනය තහවුරු කිරීමට දොළවත්ත මන්ත්‍රීවරයා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය තරුණ සංවිධාන ගණනාවක් විසින් මේ වනවිට ප්‍රසාදයට ලක් කර ඇත.

උපුටාගැනීම – Theleader.lk

Exit mobile version