Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the vibenews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /mnt/data/vhosts/casite-1452642.cloudaccess.net/httpdocs/wp-includes/functions.php on line 6121
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7: ‘ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයයි’ – Rights.LK

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7: ‘ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයයි’

යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු – නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ( පෙබරවාරි මස 20 වැනිදා) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ.

ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය.

කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගම් විසින් විරෝධතාවය පැවැත්වනු ලැබූහ.

යුද්ධයෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් 2017 පෙබරවාරි මස 20 වැනිදා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය.

රජය විසින් අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පැවසූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,රජය විසින් අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පැවසූහ.

‘දේශීය ක්‍රමවේදයකින් ගැටළුවට විසදුම් ලැබෙන්නේ නෑ’

විරෝධතාවයට එක්වු කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති කේ.කනගරංජනි මෙසේ පැවසුවාය. “යුද්දේ කාලයේ අතුරුදන්වු අපේ ඥාතීන් සොයාදෙන ලෙසට ආරම්භ කළ විරෝධතාවයට අදට අවුරුදු හතක් ගතවෙනවා, ඒත් අපිට කිසිදු සාධාරණයක් මේ වෙනකම් ඉටුවෙලා නෑ”

“යුද්ධය ඉවරවෙලා අවුරුදු පහළොවකට වැඩි කාලයක් ගතවෙලා.ඒත් මේ දක්වා පත්වුණු කිසිදු රජයක් යුද සමයේ අතුරුදන්වූවන් සොයාදීමට කටයුතු කරලා නෑ.”

“කිසිම ආණ්ඩුවක්, කිසිම පාලකයෙක් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සාධාරණය ඉටුකරදීමට උත්සහ කරලාවත් නෑ.අපි ඉල්ලන්නේ අපේ ඥාතීන් කොහේද කියලා හොයලා දෙන්න කියලා විතරයි.” ඇය පැවසුවාය.

“අපි අවුරුදු හතක් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ඉඳගෙන අපේ ඥාතීන් හොයලා දෙන්න කියලා ඉල්ලීම් කළා.ඒත් අපේ ගැටළුවට මේ දක්වා කිසිම සහනයක් ලැබුණේ නෑ.”

“අපි ඉල්ලන්නේ ජාත්‍යන්තරයේ රටවල් මැදිහත්වෙලා අපේ ගැටළුවට සාධාරණය ලබාදෙන්න කියලා. දේශීය ක්‍රමවේදයකින් අපේ ගැටළුවට විසදුම් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා.”

“ඊශ්‍රායල, පලස්තීන ගැටළුව වෙලාවේ දකුණු අප්‍රිකාව ආදි රටවල් මැදිහත්වෙලා ඒ යුද්ධය වෙලාවේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වන ගැටළුවට සාධාරණ පිළිතුරක් ලබාදෙන්න ක්‍රමයක් හැදුවා. ඒ වගේ අපේ අතුරුදන්වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර රටවල් මැදිහත්වෙලා සාධාරණයක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”

“අපේ රටේ නායකයෝ හදන බොරු වැඩසටහන්වලින් අපිට යහපතක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බෑ.” කිලිනොච්චිය දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ ලේකම් ඒ.ලීලාවති පැවසුවාය.

“අතුරුදහන්වූවන් සොයාදෙන බවට පවසමින් රජය විසින් අතුරුදහන්වූවන් සොයාදීමේ කාර්යාලයක් ස්ථාපිත කළා.තවත් විවිධ ආයතන බිහිකරලා අතුරුදන්වූවන්ට සාධාරණය ඉටු කරන්න කටයුතු කරනවා කිව්වා.ඒත් මේ දක්වා අපිට ඉටු වුණු යහපතක් නෑ.”

“දැනට යුද්දේ ඉවරවෙලා ආණ්ඩු තුනක් බිහිවුණත් මේ කිසිදු රජයකින් අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදීලා නෑ.”

“අතුරුදහන්වූවන්ගේ අම්මලාගේ ඉල්ලීම මේ පාලකයින් කවදාවත් අහන්නේ නෑ.ඒ වෙනුවෙන් ඒ අය සාධාරණයක් ලබාදෙන්නෙත් නෑ.මේ පාලකයෝ පාරවල් ගානේ දුක්විදින අම්මලා වෙනුවෙන් ඇහුම්කන් දෙන්නේ නෑ.” යනුවෙන් විරෝධතාවයට එක්වු සන්ධ්‍ය එක්නැළිගොඩ පැවසුවාය.

ඡායාරූප ශීර්ෂ වැකිය,ජාත්‍යන්තරය මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතු බවද විරෝධතාවයට එක්වු අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ඉල්ලා සිටියහ.

‘ජාත්‍යන්තරය මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතුයි’

වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතී සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ, “අතුරුදන්වූවන්ගේ ගැටළුව වැනි දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙත විසදුම් ලබාදීමට සෑම රජයක්ම අපොහොසත් වෙලා තියෙනවා. අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ඉල්ලීම් කරමින් අපි වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා සිටි අවදියේ පවා ඉල්ලීම් කළා.ඒත් අද දක්වා ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවෙලා නෑ.”

“එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය,ඇමෙරිකාව ඇතුළු රටවල් මැදිහත් වෙලා යුද්ධයෙන් අතුරුදහන්වු උතුරු නැගෙනහිර වැසියන් පිළිබඳ සොයා බලා සාධාරණය ඉටුකරදිය යුතුයි.” යනුවෙන් ඔහු පැවසීය.

අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටළුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පැවසූහ.

ඡායාරූප ශීර්ෂ වැකිය,අතුරුදන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයින්ද තමන්ගේ ගැටළුවට විසදුම් ලබාදීම වෙනුවෙන් නිසි මැදිහත්වීමක් නොකරන බව ය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන නායකයින්ද තමන්ගේ ගැටළුවට විසදුම් ලබාදීම වෙනුවෙන් නිසි මැදිහත්වීමක් නොකරන බව ය.

ජාත්‍යන්තරය මැදිහත්ව තමන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදිය යුතු බවද විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ ඉල්ලා සිටියහ.

යුද්ධය නිම වී එළැඹෙන වසර වන විට වසර 15 ක් ගතවුවද අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි සඳහනක් හෝ නිසි සොයා බැලීමක් නොමැතිවීමෙන් තමන් මහත් අසරණ වි සිටින බව විරෝධතාකරුවෝ පැවසූහ.

(BBC සිංහල)

Exit mobile version