දේශපාලන සංධානය කුමක් සඳහාද ?

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බලන කල වසර 70 කට ආසන්න දේශපාලන භාවිතාවක් තුල දේශපාලන සංධාන ගොඩනැගීම ඉතාමත් බහුල සිදුවීමක් බව පෙනීයයි. 1956, 1960, 1970, 1994, 2005, 2014 යන වසර වල පැවැත්වූ මැතිවරන වලින් බලයට පැමිනි කන්ඩායම දේශපාලන සංධානයක් ගොඩනගා බලයට පැමිනි බව පෙනීයයි. වඩාත් වැදගත් වන්නේ දේශපාලන සංධානය ගොඩනැගීමේ අරමුන කුමක් සඳහාද යන්න පිලිබඳව විමසා බැලීම මෙන්ම මෙම සංධානයන් තුලින් ශාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන අරමුනු සමාජ ප්‍රගමනයට සියලු ජනතාවගේ සුභසිද්ධියට හේතුවනවාද යන්න පිලිබඳව සොයා බැලීමයි. පෙර දක්වන ලද සංධානයන් පිලිබඳව විග්‍රහ කිරීමට අදහස් නොකරන්නේ එය අපගේ දේශපාලන අතීතය වන බැවින් සහ ඒවායේ ප්‍රතිවිපාක පිලිබඳව අපට අඩුවැඩි වශයෙන් තවමත් මතකයක් ඇති බැවිනි.

නව දේශපාලන සංධානයක් ආරම්භ කරන්නේනම් එය පදනම් විය යුත්තේ කුමන පදනමක් මතද යන්න මෙම සාකඡ්චාවේ අරමුනයි. බොහෝ පෙරකියන ලද දේශපාලන සංධානයන් ගොඩනැගීමෙන් පසු දේශපාලන බලය ග්‍රහනය කර රජයන් පිහිටුවන ලද නමුත් ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට නොහැකි වීම නිසා අද වනවිට අප රාජ්‍යයක් ලෙස පත්වී ඇති තත්වය පිලිබඳව අප සියල්ලට අත්දැකීමක් ඇතිබව විශ්වාස කරමු. 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බලනවිට රාජ්‍යයයේ ජනතාව ජාතික වශයෙන් අන්තවාදී ස්ථාවර දෙකකට ධ්‍රැවීකරනය වී ඇතිබව ඉතා පැහැදිලි කරුනකි.

එසේනම් මෙම ධ්‍රැවීකරනය නවතන ශ්‍රී ලාංකීය ජාතියක් මත පදනම් වන සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් ආරක්ෂාකරන සමානත්වය යුක්තිය සහ ශිෂ්ඨ සම්පන්න නීතියේ ආධිපත්‍යය මත පාලනය ගෙනයන රාජ්‍යයක් ගොඩනැගීම අප ඉදිරියේ ඇති අභියෝගය බව අපගේ අදහසයි.

මෙහිදී රාජ්‍යයේ මූලික නීතිය වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිට පරිපාලන ව්‍යුහය, අධිකරණය, ව්‍යවස්ථාදායකය, සමාජක්‍රමය ඉතාමත් රැඩිකල් ප්‍රතිසංස්කරනයකට භාජනය කලයුතුව ඇතිබව පසුගිය අත්දැකීම් වලින් පැහැදිලි වෙයි. පසුගිය වසර 40 කට වඩා වැඩි කාලයක් පැවති නියෝ ලිබරල් ආර්ථික ක්‍රමය විසින් ජන ජීවිතය, දේශපාලනය, පරිපාලන ව්‍යුහය, ජනතා සේවා සැපයුම්, සෞඛ්‍යය පහසුකම්, මෙන්ම අධ්‍යාපනය උඩු යටිකුරු කර ඇති බව පැහැදිලි කාරනයකි. මෙම නිසා මෙම දේශපාලන සංධානය විසින් පැවැති ආර්ථික හා සමාජ ක්‍රමය පිලිබඳ සහ එම ක්‍රමය තුල සිදුවූ සියලු දේ පිලිබඳව පර්යේෂන මට්ටමේ පුලුල් විග්‍රහයකට යායුතුව ඇත. එම විග්‍රහයේදී පහත සඳහන් දේවල් පිලිබඳව විෂේශ අවධානය යොමුකලයුතුව ඇත.

මෙම තත්වය වෙනස් කිරීමට මූලික වශයෙන් රාජ්‍යයේ පාලනය නීතිය මත පදනම් වී සකස් කල යුතුය. රාජ්‍යයේ මූලික නීතිය වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ සියලු පුරවැසියන් පිලිගන්නා ලියවිල්ලක් වියයුතු අතර මෙය සමානත්වය යුක්තිය සහ සාධාරනත්වය මත පදනම් විය යුතුයි. සියලු දෙනා නීතියට නීතියේ පාලනයට යටත් විය යුතු අතර සියලු දෙනා අධිකරණ පාත්‍රතාවයට යටත් වියයුතුයි. කිසිවකුට අත්තනෝමතික ලෙසට කටයුතු කිරීමට ඇති ඉඩකඩ ඇසිරීම මෙහි ප්‍රධාන අරමුන වියයුතුයි.

පසුගිය වසර 70 වක කාල සීමාව ඇතුලත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් 3 ක් අප අත්හදා බලා ඇත්තෙමු. නමුත් මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් එකක්වත් පුලුල් මහජන සහභාගීත්වයෙන් නිර්මානය කරන ලද ඒවාද ?

1948 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මහා බි්‍රතාන්‍යයය විසින් ප්‍රධානය තරන ලද එකක් බැවින් එය නිර්මානයට අප රටේ ජනතාව සහභාගී වූවායයි සිතිය නොහැකිය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මානය කිරීමේදී ප්‍රධාන විපක්ෂය පවා එයට පලකරනලද විරෝධතාවයන් පිලිබඳව නොසලකා හරින ලද අතර උතුරේ ද්‍රවිඩ ජනතාව ඒ පිලිබඳව පලකරන ලද විරෝධතාවයන් කිසිවිටකත් සලකා නොබලන ලදී. මෙය එවක ආණ්ඩුපක්ෂයේ දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකු විසින් කෙටුම්පත් කර මැතිවරණයේදී ලැබුනු අතිවිශාල ජනවරම මගින් සම්මත කර ක්‍රියාත්මක කරන ලද බව නොරහසකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයට දෙවැනි නොවන්නේ අවම වශයෙන් එවක ආණ්ඩුපක්ෂයේ මැතිවරනයෙන් ජයග්‍රහනය කර බලයට පැමිනි ජනතා නියෝජිතයන්ගෙන් කිහිප දෙනකු පවා එය නිර්මානයට සහභාගී නොවීමයි. ඔවුන්ගේ සහභාගීත්වය පෙන්වනු ලබන්නේ එය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව තුල ජන්දය භාවිතා කිරීම පමනි. මෙම නිසා මෙම ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 සිට 2019 වන විට වසර 41 ක කාලය තුල 19 වතාවක් සංශෝධනයට ලක්වී ඇති අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරියට ඉදිරිපත් කර තිබුනි. කොටින්ම කියනවානම් 1978 සිට ආසන්න වශයෙන් වසර දෙකකට වරක් අප මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශොධනය කර ඇත.

පසුගිව කාල වකවානුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කල අවස්ථා ඔනෑතරම් විය. නමුත් මහජනතාව කිසිවෙකුත් ඒ පිලිබඳව කලබල වූයේ නැත. බොහො දේශපාලන විචාරකයන් ඒ පිලිබඳව චෝදනා කරනු දක්නට ලැබුනි. නමුත් සාමාන්‍යය ජනතාව ඒපිලිබඳ කලබල වන්නේ ඔවුන්ට අදාල ඔවුන්ගේ යමක් අහිමි වුවහොත් හෝ උල්ලංඝනය වුවහොත් පමනි.

පාලකයන්ගේ අවශ්‍යයතාවය සඳහා නිර්මානය කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝනය වූවාට කිසිවකු කලබල වන්නේ ඇයි?

එසේනම් ගොඩනගන සංධානය රටේ පුරවැසියන් සියල්ලට පිලිගත හැකි පුරවැසියන්ගේ අවශ්‍යයතාවයන් සපුරනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පෙනී සිටිය යුතුය. මෙය පුලුල් ජනසහභාගීත්වයෙන් සාකඡ්චා කර විනිවිද භාවයෙන් යුක්ත භාවයෙන් කෙටුම්පත් කල යුතු අතර සිංහල දෙමල මුස්ලිම් හෝ අන් කවර ජාතියක ශ්‍රී ලාංකිකයෙකුගේ අයිතිවාසිකම් සුරැකෙන ලෙස මෙය නිර්මානය වියයුතුය. මෙහිදී සිවිල් සමාජයට විශාල කාර්යය භාරයක් පවතී. පසුගිය දශක 7 තුල ඇතිවුනු දේශපාලන අර්බුද පිලිබඳව සහ ව්‍යවස්ථා අර්බුද පිලිබඳව මෙන්ම නිදහස ලබාගැනීමේ සිට ඇති දේශපාලන අර්බුදය පිලිබඳව අධ්‍යයනය කර ඒවාට විසඳුම් සහිත යෝජනා වලියක් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීමයි. එමෙන්ම ආණ්ඩුක්‍රම විශාරදයන් ලෝකයේ දේශපාලන නව ප්‍රවනතාවයන් පිලිබඳව අධ්‍යයනය කර අපගේ දේශයට ගැලපෙන පාලන ව්‍යුහයක් පිලිබඳ අදහසක් ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වෙනු ඇත.

ව්‍යවස්ථා දායකයට තේරීපත්වන පුද්ගලයන් තම කාර්යය භාරය පිලිබඳව කොතරම් දුරට දැනුවත් වන්නේද ඒ සම්බන්ධයෙන් මනා පරිචයකින් හෙබිවන්නේද යන්න පසුගිය වසර 40 ක කාලය තුල ලංකාවේ සිවිල් සමාජය තුල කථාබහට ලක්වූ කාරනයකි. මැතිවරන ප්‍රතිසංස්කරනය පිලිබඳ සිවිල් සංවිධාන මැතිවරන අපේක්ෂකයන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක් සකසා සමාජ ගතකිරීමේ කටයුත්ත මේ වනවිට සිදුකරමින් පවතී. ගොඩනැගීමට අරමුනු කරන දේශපාලන සංධානයේ මූලික අරමුනක් විය යුත්තේ ව්‍යවස්ථා දායක කාර්යය සඳහා සුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තු පලාත්සභා හෝ පලාත් පාලන මැතිවරනයේදී තේරී පත්කිරීමට අවශ්‍යය පසුබිම සැකසීමේ සංවාදය ඉදිරියට ගෙනයාමයි. මෙහිදී කාන්තාවන් දේශපාලන ක්‍රියාවලිය සඳහා දායක කරගැනීම පිලිබඳ අවධානය යොමුකිරීම විශේෂ වනු ඇත. අධික වියදම් කාරී මැතිවරන ක්‍රියාවලියට සීමාවන් හඳුන්වා දීම සුදුසු පුද්ගලයන්ට පමනක් පක්ෂ මගින් නාමයෝජනා ලබාදීම නුසුදුසු පුද්ගලයන් තේරී පතවුවහොත් ඔවුන්ගේ පත්වීම් අභියෝගයට ලක්කරන ක්‍රියාවලියක් සමාජය තුල තහවුරු කිරීම මෙහිදී අත්‍යාවශ්‍යය වනු ඇත.

මෙම තත්වය ශ්‍රී ලාංකික අපට නුපුරුදු තත්වයක් නොවේ. 1977 වසර වනතෙක් මැතිවරණ වැරදි සහ වංචා සම්බන්ධයෙන් නඩු පැවරීම සහ වරදකරු වූ පුද්ගලයන් තම ආසනයෙන් ඉවත්කිරීම 1948 දක්වා සිදුවුනු කාර්යයකි. 1977 මැතිවරනය ජයගත් සරත් මුත්තෙට්ටුවේගම මහතාට තම මන්ත්‍රී ධූරය අහිමි වීම සහ අතුරු මැතිවරනයෙන් තේරීපත්වූ අබේරත්න පිලපිටිය මහතාට තම මන්ත්‍රී ධුරය අහිමිවීම අවසාන නිදර්ශන ලෙස දැක්විය හැකිය. නමුත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සහ සමානුපාතික ජන්දක්‍රමය හඳුන්වා දීමත් සමග මෙම තත්වය වෙනස්විය. මැතිවරන දූෂන අධික ලෙස සිදුවුනද මන්ත්‍රී ධූරයන් අභියෝගයට ලක් නොවීම 1988 මහා මැතිවරණයද 1999 වයඹ පලාත් සභා මැතිවරනයද උදාහරන ලෙස දැක්විය හැකිය.

මෙයට සමගාමීව රාජ්‍යයේ අනෙකත් ආයතන පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීම සිදුකල යුතු අතර ඒ සඳහා වන සමාජ සාකඡ්ාව පටන් ගැනීම සිදුකල යුත්තේද මෙම දේශපාලන සංධානය විසිනි. උදාහරනයක් ලෙසට අයිතිවාසිකම් කඩවූ විට ඔනෑම පුරවැසියෙක් තමන්ට සිදුවූ අසාධාරයනය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම අයැද සිටින්නේ අධිකරණ පද්ධතියෙනි. මෙම අධිකරන පද්ධතිය විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීමට සඳහා ප්‍රතිසංස්කරනය කලයුතුව ඇත. අධිකරණයට සිදුකරන පත්කිරීම් මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුල බලයට සහ ධනය වෙනුවෙන් සිදුකරන නැමියාවන්ගෙන් තොර කර සාධාරන නීතිය මත පදනම් වූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් තහවුරු කිරීම පිලිබඳ සාකඡාව පටන් ගත යුත්තේ සිවිල් ප්‍රතිසංස්කරන ව්‍යාපාරයක් තුලිනි.

දැනට පවතින අධිකරණ පද්ධතිය පිලිබඳව විශාල විවේචනයන් පවතී. නඩු පමාව, අධීකරණ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය, අධික නඩු සංඛ්‍යාවක් අධිකරණය තුල පැවතීම, විනිසුරු වරුන්ගේ පත්කිරීම් පිලිබඳව සහ උසස්වීම් පිලිබඳව ඇති විවේචනයන්, සමහර කරුනු පිලිබඳව පවරන නඩු කටයුතු සඳහා කොලඹ කේනදි්‍රය අධිකරණ වලට පමනක් අධිකරණ බලය ඇතිනිසා පුද්ගලයන් පත්වන අපහසුතාවයන්, පොදු කාරණා සම්බන්ධව මහජන අර්ථසාධන නඩු කටයුතු සඳහා අධිකරණය තුල ඇති සෘනාත්මක ආකල්පය විනිසුරු වරුන්ගේ හැකියාව සහ හැසිරීම පාලනය පිලිබඳ ඇති ලිහිල් පිලිවෙත නීතීඥ වරුන්ගේ හැසිරීම පිලිබඳ සොයාබැලීමට ඇති යාන්ත්‍රනය ලිහිල් භාවය යුක්තිය පසිඳලීමේ කාර්යාවලිය පිලිබඳව අධිකරණයේ කාර්යය මන්ඩලයේ පුහුනුව සහ කුසලතාවය පිලිබඳ ගැටලු පිලිබඳව මනා සමීක්ෂනයක් සිදුකර ඒ පිලිබඳව ප්‍රතිකර්ම යෙදීමේ සාකඡ්චාව ආරම්භ කිරීමේ වගකීම පවතීන්නේ සිවිල් සමාජය සහභාගී වන මෙම දේශපාලන සංධානය තුලටය.

රාජ්‍යයේ එදිනෙදා ජන ජීවිතය තුල සාමය සහ යහ පැවැත්ම පාලනය පවත්වාගෙන යාමේ බරපතල වගකීම පවතින්නේ පොලිස් දෙපාර්තුමේන්තුවටය. අපරටේ පවතින පොලිස් සෙවාව කෙතරම් උසස් ගුනාත්මක සේවයක් සපයනවාද යන්න පිලිබඳව අප හොඳින් දනිමු. වසර 30 කට ආසන්න කාලයක් පැවතුන යුද්ධය නිසා මෙම පොලිස් දෙපාර්තුමෙන්තුව බරපතල ලෙස මිලිටරී කරනයට ලක්වී ඇති අතර එය සිවිල් සමාජ සංවිධානයක් ලෙසට නැවත ගොඩනැගිය යුතුව ඇත. එමෙන්ම බඳවා ගැනීම උසස්වීම් දැඩි ලෙස දේශපාලනීකරනයට ලක්වී ඇති බව නොරහසකි. සහ තමන්ගේ රාජකාරීයට අදාල දක්ෂතාවයන් ඉහල නංවා ගැනීමට අදාල අධ්‍යාපන අවස්ථා මෙම නිලධාරීන්ට නිලධාරී වාදයෙන් තොරව සහ දේශපාලන අනුග්‍රහයකින් තොරව ලබාගැනීමට අවස්ථාව ලැබෙනවාද?

වාර්ශිකව පොලිස් අත්අඩංගුව තුලදී සිදුවන පහරදීම් වධහිංසා සහ පොලීසිය විසින් සිදුකරන මනුෂ්‍යය ඝාතනයන් වැලැක්වීමට ගෙන ඇති විද්‍යාතමක ප්‍රවේශය කුමක්ද? බොහෝවිට අපරාධ පරීක්ෂන ක්‍රමවේදයන් තුල ලංකාවේදී භාවිතා කරනු ලබන්නේ අපරාධ සැකකරුට වධහිංසා පමුනවා තොරතුරු ලබාගැනීමයි. රථවාහන හැසිරවීම සහ ඒ සම්බන්ධ නඩු කටයුතු අපරාධ පිලිබඳ පරීක්ෂන සාක්ෂි එකතු කිරීම නඩුපැවරීමේ මූලික කටයුතු පරිසරය ආරක්ෂා කිරීමේ කටයුතු බුද්ධි තොරතුරු එක්රැස් කිරීම හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම වැනි පොලිස් සේවයේ කටයුතු සඳහා කොපමන හැකියාවක් ඇති දක්ෂතාවයන් නිලධාරීන් පිරිසක් වර්තමානයේ සේවය කරනවාද?

සාර්ථක පොලිස් සේවයක් පවතින රටවල භාවිතා කරන අධිතාක්ෂනික සහ දියුනු ක්‍රමවේදයන් හඳුන්වා දීම පිලිබදව මෙන්ම මෙම නිලධාරීන්ගේ රාජකාරිය ඉටුකිරීමට අවශ්‍යය පහසුකම් නිසි අන්දමේ වැටුප් නිවාඩු තාක්ෂනික පුහුනුව සහ දැනුම පිලිබඳ නිසි විමර්ෂනයක් සිදුකර ප්‍රතිසංස්කරන යොජනා ඉදිරිපත් කිරීම මෙම දේශපාලනික සංධානයේ වගකීම වියයුතුය.

මීට වසර කිහිපයකට පෙර ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව නැමැති ජාත්‍යයන්තර රාජ්‍යය නොවන සංවිධානය පලකල ලේඛනයක දැක්වුනේ ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා ලැබූවන් අපරාධවරදට වරදකරු වීමේ ප්‍රතිශතය (Conviction Rate) 6% ක් බවයි. මෙම තත්වය සලකා බලනවිට පෙනීයන්නේ අපරාධ වරද කරන්නන්ගෙන් 94% දඬුවම් නොලබා නීතියෙන් පැනයන බවයි.

මෙයින් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා සම්බන්ධව කටයුතු මෙහෙයවන නීතිපති දෙපාර්තුමේන්තුව සමග අපරාධ පරීක්ෂන ක්‍රියාවලිය සමස්ථයක් ලෙසට අසාර්ථක වී ඇති බවයි. මෙම තත්වය සෘජුවම නීතියේ පාලනය සහිත සමාජ සාධාරනත්වය පවතින යුක්තිගරුක පුරවැසියාගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් ගොඩනැගීමට භාදකයක් බව ඉතා පැහැදිලිය. අපරාධ පරීක්ෂන ක්‍රියාවලියේදී පොලීස් සේවය දක්වන අසමත් භාවය මෙන්ම නඩු කටයුතු මෙහෙයවීමේදී නීතිපති දෙපාර්තමේන්තුව දක්වන අසමත් භාවය පිලිබඳ නිවැරදි සමීක්ෂනයක් සිදුකර නිවැරදි දත්තයන් සමාජ ගත කිරීමට සිවිල් සංවිධාන මෙතෙක් කටයුතු කර ඇතිද? එසේ සිදුකර නොමැතිනම් සිදුකලයුතු ප්‍රතිසංස්කරනය පිලිබඳ අදහසක් ඇතිකර ගැනීමට නොහැකි වනු ඇත. එමෙන්ම එහි ඇති සමාජ අවශ්‍යයතාවය පිලිබඳව අදහසක් සමාජ සාකඡාවක් ලෙසට සමාජ ගත කිරීමට නොහැකි වනු ඇත.

පසුගිය වසර 40 ක නියෝ ලිබරල් ආර්ථික ක්‍රියාවලියක් තුල සිරවී අධි පරිභෝජන වාදී ආර්ථික ක්‍රමයකට හුරුවී සිටි අපට නැවත දේශීය ආර්ථික ක්‍රියාවලියක් පිලිබඳ සිතීමට කොරෝනා වසංගත තත්වය බලකරමින් ඇත. දේශීය සුලුව්‍යාපාරිකයා සුලුපන්න ධීවරයා සුලු ගොවියා නොතකා හරිමින් මහාපරිමාන නිෂ්පාදකයන්ගේ භාන්ඩ සඳහා වෙලඳපල විවෘතකිරීමෙන් බහුතර ජනතාව අපහසුතාවයට පත්වී ඇතිබව ඉතා පැහැදිලි කාරනයකි. මෙම දේශපාලන ප්‍රතිසංස්කරනයේදී ඉතාමත් බරපතල ලෙස අවධානය යොමුකලයුතු තත්වයක් වන්නේ නැවත දේශීය ආර්ථිකයක් ගොඩනැගීමයි.

පසුගිය වකවානුව තුල මහාපරිමාන නිෂ්පාදකයන්ට රටේ ආර්ථිකය තුල හැසිරීමට ඉඩ දීම තුලින් දේශීය ව්‍යාපාර වැසීගියා පමනක් නොව සුලුපන්න ධීවරයා මෙන්ම සුලුගොවිතැනින් යැපුනු ගොවිජනතාව තම කර්මාන්ත වලින් විතැන් කර මහාපරිමාන කර්මාන්ත වල කම්කරුවන් බවට පත්කිරීමට අවශ්‍යය පසුබිම සකස් කෙරුනි. ජනතාව අධි පරිභෝජන රටාවකට හුරු කිරීම මෙම ක්‍රමයතුල වෙලඳපල පවත්වාගෙන යාම සඳහා දිගුකාලීනය සිදුකරනලද කාර්යයකි.

මෙම දේශපාලන සංධාන කතිකාව තුල නැවත දේශීය ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම පිලිබඳ සංවාදය ආරම්භ කලයුතු අතර එය බහුතර ගොවි ධිවර ජනාතාව මෙම සංධානය වටා ඒකරාශී කරගැනීමේ කාර්යය සඳහා ඉවහල් වනු ඇත. මෙම සංවාදයේදී නිෂ්පාදන පිරිවැය අඩු කිරීම, නිෂ්පාදන කල්තබා ගැනීම, පසු අස්වනු හානි අඩුකරගැනීම, නවීන තාක්ෂනය නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගැනීම, නිෂ්පාදන අතරමැදියන් අවම ලෙසට වෙලඳපලට යොමුකිරීම සඳහා ක්‍රමවේද සැකසීම වැනි කාර්යයන් පිලිබඳව අවධානය යොමුකල යුතුව ඇත.


මහා පරිමාන කර්මාන්ත සඳහා යොදන ආයෝජන අධික ලාභය මත පදනම් වන අතර මෙම ක්‍රමය තුලදී පාරිභෝගිකයා සූරාකෑම වැලැක්විය නොහැකිය. මෙම තත්වයට විකල්පයක් ලෙසට සමූපකාර ක්‍රමය ශක්තිමත්කරමින් ජනතා ව්‍යවසායන් ඉදිරියට ගෙන ඒම පිලිබඳ සංවාදය ආරම්භ කලහැකිය. අපරටේ ශක්තිමත් සමූපකාර ක්‍රමයක් තිබුනු අතර එය කඩාවැටීමට හේතුපාදක වූ සිදුවූ කරුනු නැවත සමීක්ෂනය කරමින් ඒවාට විසඳුම් ලබාදීමද මෙම සංවාදයේ ප්‍රධාන කාර්යයක් වනු ඇත.

ලංකාවේ අල්ලස දුෂනය සහ වංචාව ඉතාමත් බරපතල ලෙස සමාජ ගත වී ඇත. අල්ලස දුෂනය සහ වංචාව මනින ලෝක දර්ශකය අනුව අප ඉතාමත් ඉහල දර්ශකයක් දක්වා ගෙනගොස් ඇත්තේ මෙම තත්වය මගිනි. මෙම තත්වය වෙනස් කිරීම සඳහා බැරෑරුම් කාර්යභාරයක් ඉටුකිරීමට දේශපාලන සංධානයකට පැවරී ඇත.

අදාල අල්ලස් දූෂන විමර්ෂන කොමිෂන් සභා ව්‍යුහය කොතරම් දුරට පවතින තත්වය පාලනය කිරීමට තාක්ෂනික වශයෙන් සමත් වී ඇතිද නිලධාරීන්ගේ විශය දැනුම කුසලතාවය මෙම සහ පවතින නීතිමය තත්වයන් වල අඩුපාඩු මෙම තත්වය පාලනය කිරීමට පාදක වී ඇතිද යන්න පිලිබඳව පරීක්ෂාකර මෙම තත්වය ඉහල නංවා යෝජිත ප්‍රතිසංස්කරන හඳුන්වා දීමට සිවිල් සමාජ සංධානයකට වගකීමක් ඇත.
මෙම ක්‍රියාවලිය දැවන්ත වනු ඇත. නමුත් මේ වනවිටත් උක්ත මාතෘකා සම්බන්ධයෙන්( Thematic issues ) කටයුතු කරමින් සිටින සිවිල් සංවිධාන අපසමග ඇත. අවශ්‍යය වනු ඇත්තේ අදාල කාරනා සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කථිකාව සඳහා සම්බන්ධ කරගැනීම සහ එම ක්ෂේත්‍රවල විශය ප්‍රවීනයන් සමාජ සංවිධාන සමග සම්බන්ධ කරමින් මෙම ක්‍රියාවලිය විද්‍යාත්මක ප්‍රවේශයකින් දියුනු රටවල භාවිතාකරන නව තාක්ෂනික ක්‍රම වේදයන් වලට අනුකූලව සකස්කිරීමට දේශපාලන සංධානය පුරොගාමී වීමය.

Exit mobile version